Life
තරුණ සිත් නොසන්සුන් වීමට බලපාන ගැටලු
දරු දුක දැනෙන්න නම් මවුපිය පදවිය ලැබිය යුතු යෑයි කියා සාමාන්‍ය ජනවහරේ
කතාවක් පවතී. දස මසක් කුස දරා මෙළොවට බිහිකරන දරුවා රැකබලා ගන්නට මව
මෙන්ම පියාද අපමණ වෙහෙසක් ගනිති. එසේ ලොකු මහත්වන දරුවන් පෙම් සබඳතා නිසා
දිවි නසා ගනී නම් සුළු කරුණු නිසා දෙමාපියන් මරා දමයි නම් එය තරම්
ෙ€දවාචකයක් තවත් ලොව නැති තරම් යෑයි සිතේ. මෙලෙස තරුණ දූ දරුවන්ගේ සිත්
නොසන්සුන් වන්නේ ඇයි දැයි කියා අපි අවධානය යොමුකරමු.
වෛද්‍යතුමනි, තරුණ දූ දරුවන්ගේ සිත් වර්තමානයේ නොසන්සුන් වීම් බහුලව දක්නට ලැබෙනවා. ඒ සඳහා හේතුවී ඇති කරුණු මොනවාද?
සෘෂි
නාඩි වෛද්‍යවරුන් සඳහන් කර ඇති ආකාරයට අනුව මෙළොව උපදින දරුවකුගේ මනසේ
සිතුවිලි ක්‍රියාකාරීත්වයට බලපාන කාලපරිච්ඡේද දෙකක් තිබෙනවා.
පළමු කාල පරිච්ඡේදය මවුකුස තුළ පිළිසිඳගත් දා සිට වයස අවුරුදු 06 දක්වා කාල සීමාවය.
දෙවැනි කාල පරිච්ඡේදය වනුයේ වයස අවුරුදු 06 සිට වයස අවුරුදු 26 දක්වා වූ කාල සීමාවය.
පළමු කාල පරිච්ඡේදය පිළිබඳව අවධානය යොමු කළහොත් මෙහි ප්‍රධාන වගකීම දරුවාගේ මවට සහ පියාට හිමිවෙනවා.
දරුවකු බිහිකිරීමට වෙහෙසෙන මව සහ පියා තුළ ශාරීරික නිරෝගීතාවය මෙන්ම මානසික නිරෝගීතාවද පැවතිය යුතුය.
එනම්
බිරිඳ සහ සැමියා අතර ආදරය බැඳීම සමීපව තිබිය යුතුය. ඔවුන් තුළ මතුවන එවැනි
යහපත් සිතුවිලි උපදින දරුවාගේ මානසික නිරෝගී බවට හේතුවෙනවා.
දරුවා
මුරණ්ඩුයි... කියන දෙයක් අහන්නේ නැහැ කියා පවසන බොහෝ දෙමාපියන් පිළිබඳව
විමසා බැලූ විට පෙනී යන්නේ දෙමාපියන් තුළ සමගියක් නැහැ. තාත්තා මත්පැනට,
මත්ද්‍රව්‍යවලට යොමුවෙලා. එහෙමත් නැතිනම් සමාජය දූෂණය වන ආකාරයේ කටයුතුවල
නිරතවෙනවා.
අම්මාටත් තම දරුවන් ගැන එතරම් හැඟීමක් නැහැ. නිතරම ඉන්නේ කෝපයෙන් යුක්තවයි. එවිට දරුවා කෙරෙහි ආදරයක් කරුණාවක් ඇතිවන්නේ නැහැ.
දෙමාපියන්ගේ මෙම ක්‍රියාවන් කුඩා කලම දරුවනට අත්විඳින්නට සිදුවූ විට එය ඔවුන්ගේ මනසේ රැඳෙන්නේ කිසිදා අමතක කළ නොහැකි අයුරිනි.
දරුවාගේ
දෙවැනි කාල පරිච්ඡේදය වන වයස 06 ත් 26 ත් අතර වසර 20 ක කාලසීමාව තුළ දූ
දරුවන්ගේ මනස නොසන්සුන් වීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ පවුලේ පසුබිමත්
සමාජයේ ඇසුරු කරන යහළු හිතමිත්රාදීන්ගේ පසුබිමත්ය.
(තෝ, උඹ, මූසලයා
ආදී අසංවර වචනවලින් තම දූ දරුවන් අමතන දෙමාපියන්ගේද මනස සංවර නැත. ඔවුන්ගේ
දරුවන් තුළ ද ඉතා ඉක්මනින් මනස නොසන්සුන් වේ.
දෙමාපියන් දරුවන්ගේ
ඉදිරියේ බොරු කියන විට රණ්ඩු සරුවල්වන විට, තම ඥති හිතමිත්‍රාදීන් අපහාසයට
ලක්කරන විට දරුවන්ද නිරායාසයෙන්ම එවැනි ක්‍රියාවන් සිදුකිරීමට යොමුවේ.
මෙවැනි
පසුබිමක හැදී වැඩෙන දරුවන් තුළ නොසන්සුන්තාවය, කෝපාවිෂ්ඨ නාඩිය, යක්ෂ
නාඩිය, ප්‍රේත නාඩිය ක්‍රියාකාරී වේ. එවිට ඔවුන් දෙමාපියන්ට පහරදීම, මරා
දැමීම, දිවි නසා ගැනීම ආදී ක්‍රියාවන්ට සිත යොමුකරයි.
දූ දරුවන් ඉදිරියේ මත්පැන් පානයට, දුම් පානයට යොමු වූ බොහෝ පියවරුන්ගේ තරුණ පුතුන්ද තම පියා ගිය අඩි පාරේම යනු බහුලවම දැකිය හැකියි.
මව අනියම් සබඳතාවලට යොමු වූ තම සැමියා සමඟ නිතර රණ්ඩුසරුවල් වන පවුල් හි තරුණ දියණියන්ද එවැනි ක්‍රියාවල යෙදීමට හුරුවේ.
කොළඹට
ආසන්න නගරයක මවක් සහ තරුණ පුතකු මෑතකදී මා වෙත පැමිණ පුතාගේ මනසේ
නොසන්සුන් බව ගැන පවසා සිටියා. පුතාට තාත්තා දකින විට ඉවසාගත නොහැකි
කෝපයක් මතුවන බව මව පැවසුවා. ඔවුන් සමඟ කතාබහ කරන විට හෙළි වූයේ පියා
මත්පැන් පානයට යොමුවී ඇති බවත් නිවසට පැමිණ කෑකෝ ගසන බවත්ය. කුඩා කල සිට
පුතාට දකින්නට අසන්නට ලැබුණේ පියාගේ අයහපත් ක්‍රියාවන් බැවින් තරුණවියට
පත්වූ විට ඔහු තුළ තම පියා කෙරෙහි වෛරයක් ගොඩනැගී ඇත. ඒ සමඟම එම දරුවාගේ
නාඩි විකෘතිතාවක් ද ඉතා ප්රබලව මතුව තිබේ.
මෙවැනි දරුවනට ඖෂධ
මඟින් පමණක් ප්‍රතිකාර ලබාදීම ප්‍රමාණවත් නැත. මනස සන්සුන් කිරීම සඳහා ආගම
දහම අනුව කටයුතු කරන හැටි ඉවසීම ඇතිකර ගන්නා හැටි පුරුදු පුහුණු කළ යුතුය.
වැඩිහිටියන්ට
ගරු කරන්න ඔවුනට ගරුසරු ඇතිව කතාබහ කරන්න කියා දිය යුතුයි. අද සමාජයේ
වැඩිහිටියන්ට ගරුසරු ඇතිව ඇමතීම ඈත් වෙලා. ඔයා... මෙයා, හලෝ, පොර ආදී
ලෙසින් ඇමතීම විලාසිතාවක් කරගෙන තිබෙනවා.
අම්මා, තාත්තා, සීයා,
ආච්චි, මාමා, නැන්දා වෛද්‍යතුමා, වෛද්‍යතුමිය, ගුරුතුමා, ගුරුතුමිය ආදී
ලෙසින් ගරුසරු ඇතිව ලෙන්ගතුව කතාබහ කිරීම තුළින් දරුවාගේ සිත් තුළ යහපත්
ආකල්ප, විනීත බව, ඉවසීම ආදිය පුරුදු පුහුණු කළ හැකියි.
මේ පිළිබඳව වැඩිදුර වෛද්‍ය උපදෙස් සඳහා දුරකථන අංක 0776500677 මගින් වෛද්‍යතුමන් ඇමැතිය හැකිය.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks